ඒලියන්ස්ලා නැත්තන් අභ්‍යවකාශයේදී ship එකට එලියේ ඉදන් තට්ටු කරන්නෙ කවුද..🙄

යැං ලී වයිගේ පලමු අභ්‍යවකාශ ගමන..

2003 ඔක්තෝබර් 16 වන දින ඓතිහාසික ෂෙන්ෂෝ 5 මෙහෙයුම අතරතුර යැං ලී වයි විස්තර කළේ “යමෙක් ලී මිටියකින් යකඩ බාල්දියකට තට්ටු කරනවාක් මෙන් අභ්‍යවකාශ යානයට පිටින් තට්ටු කරන” බව ඇසුණු බවයි.ඔහු පැවසුවේ එම ශබ්ධය කිසිසේත්ම ඇතුලතින් ආව ශබ්ධයක් නොවන බවයි..ඉන් පස්සෙ මොහු බියට පත්වී යානයේ අභ්හ්‍යන්තරයේ සිට පිටත බැලුවත් කිසිවක් අනාවණය කරගැනීමට නොහැකිවුන නිසා මොහුගේ යානයෙන් පිටතට ගොස් නිරීක්ශනය කලයත් කිසිම හෝඩුවාවක් හොයාගැනීමට හැකියාවක් තිබිලා නන් නෑ.

ඔයාට මේ යැං ගේ සිද්දිය ගැන තවත් වැඩි විස්තර දැන ගන්න පුලුවන් මෙන්න මේක visit කරොත්..

https://www.bbc.com/news/38153623?utm_source=chatgpt.com

දැන් අපි බලමු ඊටපස්සෙ උන මෙහෙයුම් ගැන..

👥 පසුකාලීන මෙහෙයුම් පිළිබඳ පුනරාවර්තන වාර්තා

එම සිදුවීමෙන් පස්සේ ඒකියන්නේ 2005 දී දියත් කල ෂෙන්ෂෝ 6 යානය හා 2008 දී දියත් කරන ලද ෂෙන්ෂෝ 7 යානයේ ගමන් කරමු ගගනගාමින් ඇත්තටම ගමන් කරලා තියෙන්නේ මේ සිදුමවීම ගැන ගොඩක් කල්පනාවෙන් ඒකියන්නෙ සැලකිල්ලෙන්.විශේශම දේ නම් ඒ ගගනගාමින්ටත් මෙන්න මේ ශබ්දය ඒ ආකාරයෙන්ම ඇසීමයි.මේ සිදුවීම් කීපයත් සමගම මේ කාරනාව ගැන පරීක්ශනක් පැවැත්වීමට විද්‍යාඥයෝ ආරම්භ කරා..

දැන් අපි බලමූ මේ ගැන විද්‍යාත්මක පැහැදිලි කිරීම..

🧠 විද්‍යාත්මක පැහැදිලි කිරීම

මෙම සිදුවීම වායු පීඩනය සහ උශ්ණත්ව වෙනස් වීම් සම්බන්ධ වී ඇති බවට වැඩි දුර පරීක්ශණ වලින් හෙලිදරවු වී තිබෙනවා.

කැප්සියුලය පෘථිවියේ සිට අභ්‍යවකාශයට සංක්‍රමණය වන විට අභ්‍යන්තර පීඩනය ස්තායීව පවතින අතර ඒ අතරතුර එහි භාහිර උශ්ණත්වය තියුනු ලෙස ඵත වැටෙන අතර එම සිදුවීමනිසා යානයේ බද නැමීමකට සංකෝචනයකට හෝ ප්‍රසාරණයකට ලක්වීම නිසා මෙම ශබ්දය නැගුන බව වැඩි දුර පරීක්ශන වලින් සොයාගෙන තියෙනවා.අභ්‍යවකාශ විද්‍යාඥ ලියුංහොං ප්‍රකාශ කරේ එවැනි විරූපනය වීම් හේතුවෙන් එවැනි හදිසි “ඩෝං” ශබ්ද ඇති කල හැකිය.

මේ හා සමාන වෙනත් ශබ්ද

appolo 10 ගගනගාමීන්ට සද අසල අමුතු විසිල් ශබිදයක් හෝ සංගීත ශබ්දයක් ඇසුණු අතර පසුව අනාවරනය වෙලා තියෙන්නේ ඒක රේඩියෝ මැදිහත් වීම් නිසා ඇතිවූවක් ලෙස සැලකේ.

නාසා වලින් අභ්‍යවකාශ ගත කල ජූනෝ යානය ග්‍රහලෝක ශබ්ද අනාවරනය කරගෙන තියෙනවා.ඒක කරගෙන තියෙන්නේ ප්ලස්මා තරංග දත්ත ශ්‍රව්‍ය බවට පරිවර්තනය කරගෙන ඇත.

සාරංශය

  • යැං ලී වයි ට ඇසුන දෙය පිටසක්වල ශබ්දයක් නොවේ..
  • මෙය සිදුවන්නේ කැප්සියුලයේ බද සංකෝචනය වීම නිසා හෝ ප්‍රසාරනය වීම හේතුවෙනි.
  • මෙම සිදුවීම දැන් සාමන්‍ය සිදුවීමක් ලෙස සැලකුවත් මුල් කාලයේනම් මෙම සිදුවීමට බොහෝ සෙයින් ගගනගාමීන් බයවී තිබෙනවා.

තවත් මේ වගේ news ගැන විස්තර දැන ගන්න අපිත් එක්ක එකතුවෙලා ඉන්න..

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top