
තරුවක් හැදෙන්නේ කොහොමද දන්නවද….?
තරුවක් හැදෙන්නේ බොහෝ කාලයක් තිස්සේ සිදුවෙන ගැඹුරු ක්‍රියාවලියකින් අනතුරුවය.. මුලින්ම තරු උපත ලැබෙන්නේ අන්තර්ග්රහලෝකයේ විශාල වායු සහ දූලි වලාකුළු (nebula) තුළිනි. මේ වලාකුළු විශාල වශයෙන් හයිඩ්රජන් සහ හීලියම් වායු වලින් තමයි සමන්විත වෙලා තියෙන්නේ. සමහරවිට ළඟ ඇති සුපර්නෝවා පිපිරීම් හෝ ගුරුත්ව බල ප්‍රතිඵල නිසා මේ වලාකුළේ කොටස් හදිසියේම ගුරුත්වයෙන් ඇද වැටෙන්නට පටන් ගන්නවා. මේ ක්‍රියාවලියෙන් වලාකුළේ කොටසක් ට්දික ටික වෙමින් ආරම්භක තරුවක් හදනවා එක හදුන්වන්නේ ප්රෝටෝස්ටාර් (protostar) කියලා..
ප්රෝටෝස්ටාර් එකේ මධ්‍යභාගය ගුරුත්වය නිසා වැඩි වැඩියෙන් පීඩනයට ලක්වීමත්, දූලි සහ වායු එකතු වීමත් නිසා උෂ්ණත්වය නිරන්තරයෙන් ඉහළ යමින් තමයි තියෙන්නේ.මධ්‍යයේ උෂ්ණත්වය මිලියන ගණනක් උෂ්ණත්වයට ළඟා වන විට nuclear fusion එක (ඛණ්ඩාංක සංයෝගය) පටන් ගන්නවා. මෙහිදී හයිඩ්රජන් පරමාණු හීලියම් බවට හැරෙන අතර විශාල තාප ශක්තිය හා ආලෝකය නිපදවනවා.මෙන්න මේ මොහොතේ ඉදලා තමයි ඇත්ත තරුවක් උපදින්නේ..
එවිට තරුව ගුරුත්වය ඇදගන්න බලය හා අභ්‍යන්තරයෙන් පිටතට එන සංයෝග බලය අතර සමතුලිතතාවයකට ළඟා වෙනවා. මේ අවස්ථාව තමයි තරුවේ දිගුම කාලය ගතවන අවධිය වන “Main Sequence” එක. මෙහිදී කුඩා තරු (උදා: Red dwarfs) හයිඩ්රජන් දහනය කරමින් ට්‍රිලියන ගණන් වසර ජීවත් වෙනවා. මධ්‍ය පරිමාණ තරු (උදා: අපේ හිරු) ආසන්න වශයෙන් බිලියන 10 කාලයක් විතර ජීවත් වෙනවා. විශාල තරු නම් ඉතා වේගයෙන් ඉන්ධන භාවිතා කරන නිසා මිය යන්නේ වසර මිලියන කිහිපයක් වසර ගතවුනාට පස්සේ..
තරුවක අවසාන කාලයත් එහි ආරම්භක බර (mass) මතම තීරණය වෙනවා. කුඩා තරු අවසානයේ white dwarf බවට පත්වෙනවා. විශාල තරු දැඩි පිපිරීමකින් supernova බවට පත් වෙලා, ඉතිරි කුඩු කොටස් neutron star හෝ black hole බවට පත්වෙනවා..
ඔන්න ඔහොම තමයි තරුවක් බිහිවෙන්නේ..අපේ සූර්යයාත් ඔයවගේ හැදුන තරුවක් තමයි.අපේ විශ්වයේ ආලෝකය, උෂ්ණය හා ජීවයට අවශ්‍ය තත්ත්වයන් බිහිවෙලා තියෙන්නේ මෙන්න මේ ක්‍රියාවලිය නිසා තමයි…
තවත් මේ වගේ අලුත් දේවල් දැනගන්න අපිව ෆලෝ කරල තියාගන්න…