
NASA, SpaceX සහ Artemis මෙහෙයුම්
ඇමරිකා එක්සත් ජනපදයේ ප්රමුඛ අභ්‍යවකාශ ආයතනය වන NASA ආයතනය දශක ගණනකට අධික කාලයක් අභ්‍යවකාශ ගවේෂණයේ ප්‍රමුඛයා වී ඇත. මනුෂ්‍ය අභ්‍යවකාශ ගමන් රොබෝටික් මෙහෙයුම් සහ විද්‍යාත්මක අනාවරණයන් සමඟ NASA ආයතනය අභ්‍යවකාශ අධ්‍යනයට විශාල දායකත්වයක් ලබාදී ඇත. පසුගිය වසරවල NASA ආයතනයේ පරීක්ශන කටයුතු වල වේගය ඉක්මන් කිරීම සහ වියදම් අඩු කිරීම සඳහා SpaceX වැනි පෞද්ගලික සමාගම් සමඟ සක්‍රිය සහයෝගීතාවන් ආරම්භ කර ඇත.
Elon Musk විසින් ආරම්භ කරන ලද SpaceX සමාගමෙහි නැවත භාවිතා කළ හැකි රොකට් සහ නවීන යානා තාක්ෂණ සමඟ අභ්‍යවකාශ කර්මාන්තය විප්ලවීය ලෙස වෙනස් කරමින් පෙර සිහිනයක් වී තිබූ මෙහෙයුම් ඉදිරියට නැවත්තත් ක්‍රියාත්මක කිරීමට හැකි වී තිබෙනවා. NASA ආයතනයේ වඩාත් විශාල මෙහෙයුමක් වන Artemis වැඩසටහන නැවත ක්‍රියාත්මක කරමින් 1972 වසරෙන් පසු මිනිසුන්ව චන්ද්‍රයා මත නැවතත් නවත්වන්නට අරමුණු කරගෙන ඇත.මේ මෙහෙයුම හදුන්වන්නේ Artemis 2 කියලා ගගනගාමින් 6 දෙනෙකුගෙන් සමන්විත කන්ඩායමක් සමග දින 10ක් මේ මෙහෙයුම දියත් කිර්‍රිමටයි සූදානම් වී සිටින්නේ.. .SpaceXගේ තාක්ෂණය භාවිතයට ගෙන Starship චන්ද්‍රයා යානා මෙම මෙහෙයුමට සම්බන්ධ කර චන්ද්‍රයා මත නැවතත් මිනිසුන්ගේ ජනාවාස පිහිටුවීම පමණක් නොව දීර්ඝ කාලීන අභ්‍යවකාශ සැලසුම් වල ඉදිරි පියවරක් විදිහටත් තමයි මේ මෙහෙයුම ක්‍රියාත්මක කරන්නේ..

ජාතික අභ්‍යවකාශ ආයතනයක් සහ පෞද්ගලික අභ්‍යවකාශ නවෝත්පාදකයන් අතර මෙම සහයෝගීතාවය අභ්‍යවකාශ ගවේශන සඳහා නව යුගයක් ආරම්භ කරනවා නිසැකයි. මෙහිදී දශක ගණනක පළපුරුද්ද සහ නවීන තාක්ෂණය එකට මිශ්‍ර කරමින් මනුෂ්‍යත්වය විශ්වයට තව දුරටත් පිවිසීමට සූදානම් වෙයි.