මොකක්ද මේ 3I/Atlas..? මේ එයා ගැන සම්පූර්ණ විස්තරය..

හරි මාස කීපයකට කලින් විද්‍යාඤයෝ හොයාගත්තා අපෙ සෝල සිසිටම් එකට ටිකක් ආගන්තුක අමුතුතු දෙයක්.. ඒකෙත් තියෙන විශේශම දේ තමයි මේ වගේ අපි කලින් නිරීක්ශනය කරලා තිබුන හැම හැම වස්තුවකටම වඩා වේගයෙන් මේ වස්තුව ගමන් කරන එක.මෙන්න මේ හේතුවත් එක්ක මිනිස්සු සැක කරන්න ගත්තා මේ අමුතු අකාශ අස්තුව වල්ගා තරුවක්ද එහෙම නැත්තන් පිටසක්වල අභ්‍යවකාශ යානයක්ද කියලා.ෛතින් මෙන්න මේ ඇතිවුන මතබේදය නිසා මේක අනාවරනය වෙලා සති දෙකක් ඇතුලත හාවඩ් වල භෞතික විද්‍යාඤයෙන් උන ආර් වී ලෝව් න්‍යායාත්මක පත්‍රිකාවක් ඉදිරිපත් කරනවා මේකෙ ඇත්තටම පිටසක්වල තාක්ශනයක් ගැබ් වෙලා තියෙනවද එහෙම උනොත් ඒක අපිට මොන වගේ තර්ජනයක් කරයිද කියලා.ඉතින් මෙන්න මේ සිද්දවෙන උනුසුම් සිදුවීම් දාමයත් එක්ක ප්‍රිතිවියේ තියෙන හැම නිරීක්ශනා ගාරකින්ම තොරතුරු එකතු කර කර මේ මොහොත වෙනකටත් ඒ විසදන අභිරහස තමයි මොකක්ද ඇත්තටම මේ 3යි ඇට්ලස් කියන්නේ..

ජූලි පලවෙනිදා චිලී වල පිහිටල තියෙන නාසා එකේ ඇට්ලස් සමීක්ශන මද්‍යස්තානය වෙන 3අයි වලින් තමයි මේ 3අයි ඇට්ලස් කියන අන්තර් තාරකා වස්තුව මුලින්ම නිරීක්ශනය කරන්නෙ එහෙම නැත්තන් හොයාගන්නේ.මේක තමයි අපි අනාවරනය කරගෙන තියෙන තුන්වෙනි අන්තර් තාරකා වස්තුව.අන්තර් තාරකා වස්තුව කියන්නේ අපේ සෞරග්‍රහ මන්ඩලේට පිටතින් පැමිනි වස්තුව කියන එක.2017 තමයී මේ වගෙ පලවෙනිම සිදුවීම සිද්ද් උනේ ඒකත් මේ වගේම ලොකු ආන්දෝලනක් ඇති කරා.මේ ඇට්ලස් පරීක්ශන පද්දතිය කියන්නේ ග්‍රාහක සහ වල්ගා තරු වගෙ චලනය වෙන වස්තූන් සොයමින් අහස හැමවෙලේම වගේ නිරීක්ශනය කරමින් ඉන්න ලෝකෙ පුරාම පිහිටලා තියෙන කුඩා දුරේක්ශ ජාලයක්..ඉතින් මේ ජාලයට 3අයි ඇට්ලස් මුලින්ම කැප්ච්‍ර් වෙනකොට සූර්‍යාගෙ ඉදලා ඇස්ට්‍රොනොමිකල් යුනිට් 4.5 ක් දුරින් තමයි මෙයා පිහිටලා තිබුනේ.බ්‍රහස්පතිගේ කක්ශය අසල වේගයෙන් ඇතුලට ගමන් කරමින් තමයි තිබිලා තියෙන්නේ.මෙන්න මේ ආරන්චියත් එක්ක ලෝකෙ පුරාම කන්ඩායම් එයාලගේ දුරේක්ශ මේ වස්තුව දෙසට හරවන්න ගන්නවා.ඒ ඒක යන්නෙ කොඉ දිශාවටද කොඉ තරම් විශාලද මේක ඇත්තටම පිටසක්වල යානයක්ද කියලා තොරතුරු හොයන්න.සාමන්‍යයෙන් මේ වගේ වස්තුවක් නිරීක්ශනය කරන්න වෙන්නේ මුලු ජීවිත කාලයටම එක වතාවක් වෙන්න පුලුවන්…
ඉතින් මේ පරීක්ශන වල තොරතුරු ඔය විදිහට ගලාගෙන එනකොට අර් වී ලෝ සහ එයාගේ සම කත්ෲන් ලියපු මේ හැමදෙයක්ම වෙනස් කරපු මම කලින් කීව එයාලගේ පත්‍රිකාව එලියට දානව.

ජූලි 17 වෙනිදා ප්‍රකාශයට පත් කරන මෙන්න මේ පත්‍රිකාව පටන්ගන්නේ මේ වස්තුව තාක්ශනික උපකරනයක් හා මේකෙ තියෙන සතුතුරු බව එහෙම නැත්තන් බයානක බව පෙන්නලා දීලා.මෙයාල මේකෙ ගමන් පතය සිතියම් ගතකරලා තියෙනේ සිකුරු අගහරු සහ බ්‍රහස්පති ග්‍රහයන්ට අසාමන්‍ය ලෙස සමීප වන බව පෙන්වමින් ඒ හරියට අභ්‍යන්ත ග්‍රහලෝක ගැන තොරතුරු රැස් කිරන්න බලාගෙන ඉන්න පිටසක්වල අභ්‍යවකාශ යානයක් වගේ.මේ වස්තුව අපේ සූර්‍ය තලයේ ඉතාම හොදින් පෙලගස්වා ඇති බවත් මෙම වස්තුවට කැඩී සූර්‍යයා වටා කක්ශයකට ඇතුල්වීමට අවශ්‍ය නම් එයට හැකියාවක් නොමැති බවත් තවදුරත් පෙන්වා දුන්නා. ඔවුන්ගේ පරීක්ශන වලින් පෙනීගියේ වස්තුව සෞරග්‍රහ මණ්ඩලය සමග මෙතරම් හොදින් පෙලගැස්වීම්ව් හැකියාව 500න් 1ක් පමණ වන බවයි.මොවුන් කරපු සම්මුක සාක්ච්චා වලදී ආර් වී මෙය පිටසක්වල ජීවීන් බව ඔහු ප්‍රකාශ නොකල බවත් නමුත් එය ගවේශ්නය කිරීමට වටින හැකියාවක් බවත් අවදාරනය කලේය.මේක කොච්චර විශාලද යන්න පිලිබද මූලික ඇස්තමේන්තු තවත් සිත්ගන්නා සුලු කලේය.එයින් පරාවර්තනය වූ ආලෝකය මත පදන්ම්ව එය කිලෝමීටර් 11ක් පලල ඕදුඅමුවාට වඩා 100 ගුනයක් පමන විශාල බවත් ඩයුනසෝර් මරාදැමූ ග්‍රාහකයට ප්‍රමානයෙන් සමාන බවත් ඔවුන් ගනනය කලහ.හැබැයි මෙයාල මෙහෙම කීවට හාවඩ් තාරක විද්‍යාඤයානන් කියන්නේ 3I Atles කියන්නේ සතුරු පිටසක්වල යානයක් කියලා..හරි මන් මෙහෙම කියන්නම්කො පිටසක්වල ජීවීන් මේ ක්ශීරපතයේ ඉන්නවනම් ඔවුන් අනිවාරෙන් වෙනත් පද්දතීන් වලට පරීක්ශන යාන යවනවා ඒ ඒවා ජනවාස වෙලාද කියලා බලන්න..හැබැයි මම කියන් නෑ පිටසක්වල ජීවින් ඉන්නවා කියලා අපි එහෙම ඉස්තීර කරන්න් කලින් ඒකට හර්‍යට සක්ශි හොයාගෙන ඉන්න ඕනෙ.

ඉතින් මේ වෙනකොට මේ වස්තුව මොකක්ද්ද කියන ප්‍රස්නයට උත්තරේ කොටස් දෙකකට බෙදිලා තියෙනවා එකක් තමයි එක්කො මේක පිටසක්වල යානයක් එහෙම නැත්තන්ම් මේක වල්ගා තරුවක් වැනි දෙයක් ෛතින් අපි කොහොමද ඒක හරියටම මොකක්ද කියලා තීරනය කරන්නේ…අපි සාමන්‍යයෙන් වල්ගා තරුවක් බැලුවොත් මේවාගෙ දූවිලි හා වායූන් වගේ ලාක්ශනික ලක්ස්ශන තියෙනවා ඒවා සූර්‍ය විකිරන වලින් තමයි තල්ලු කරන්නේ ඒ නිසා මේවාගෙ වල්ගය සූර්‍යයාගෙන් ඉවතට තමයි එල්ලවෙන්නේ.හැබැයි මේක යානාවක් වෙනවනම් එක වෙලාවකට වේගවත් වෙන්න ඕනෙ ආය වෙලාවක ස්ලෝ වෙන්න ඕනෙ තවත් එක එක ලයිට් පත්තු වෙන්න ඕනෙ වගේ එක එක පිස්සු දේවල් කරන්න ඕනනේ.හරි දැන් ඔයාට ටිඅකක් විතර සිද්දිය තේරෙනවා.ඔයාට දැන් මේ කියන්න යන දේ තේරෙනවනම් චැනල් එකත් පොඩ්ඩක් සබ්ස්ක්‍රයිබ් කරලා ඉන්නකෝ එතකොට මොකද මේකේ තේරුම් ගන්න තව පොඩි පොඩි දේවල් ටිඅකකුත් තියෙනවා..ජූලි 21 මේක අදුරගෙන සති තුනකට විතර පස්සේ නාසා ආයතනය හබල් දුරේක්ශ මෙන්න මේ අපේ ආගන්තුක වස්තුව පැත්තට හරවලා මෙන්න මේ පොටෝ එක ගන්නවා.මේකෙ පේන්න තියෙන්නේ වල්ගා තරුවක වගේ කොමා එකකුයි දුර්වල ටේල් එකකුයි මේකේ ටේල් එක එන්න එන්න වර්දනය වෙනවද බලන්න අපිට ඒක ටිකක් සමීප වෙනකන් ඉන්න වෙනව.හැබැයි මේකෙ පේන විදිහට පොඩි අවුලක් තියෙනවා ඒතමයි මේකෙ පේන විදිහට මේකේ ටේල් එක තියෙන්නේ සූර්‍යයාගේ දීශාවට..ඒඑ උනාට වල්ගා තරුවක්නන් එයාගෙ ටේල් එක තියෙන්න ඕනේ සූර්‍යයගෙන් ඉවතට..ාඅයෙත් ප්‍රශ්නයක් ඔන්න එතකොට ඒ වී ලෝ කියනවා මේකෙන් ස්ප්‍රෙඩ් වෙන්නේ දූවිලි පොඩි ප්‍රමානයක් කියලා ඒ කියන්නේ අපිට පැහැදිලි ටේල් එකක් පේන් නැත්තන් මෙයා කීයටවත් වල්ගා තරුවක් නන් වෙන්න බෑ කියලා.

අපේ සවුරග්‍රහ මන්ඩලේට ඇතුල් වෙන්නේ අතිප්‍රභල කක්ශයකින් පරීක්ශන වලින් මේ වෙනකොටත් ඔප්පුවෙලා ඉවරයි මේක අනිවාරෙන් ඇවිල්ලා තියෙන්නේ අපේ සවුරග්‍රහ මන්ඩලයෙන් පිටත ඉදන් කියලා.එතකොට ඒ කරුනේ විවාදයට ගන්න කිසිම දෙයක් නෑ.මේක අපේ සෞරග්‍රහ මන්ඩලයේ සූර්‍යග්‍රහන තලයෙන් අංශක 5ක් පමන දු‍රින් තමයි පිහිටලා තියෙන්නේ මෙන්න මේ සිදුවීම දුර්ලබ දෙයක්.හැබැයි විද්‍යාත්මකව මේක පිටසක්වල යානයක් කියලා ඔප්පුකරන්න නිශ්චිත ශාක්ශියක් නෑ.මෙයා ඔක්ටෝබර් 3 වෙනිදා අගහරු ඉදලා කිලෝමීටර් 29ක් විතර ගමන් කරන අපේ සෞරග්‍රහමන්ඩලේ හරහා මෙන්න මේ වගේ ගමන් කරනවා කියලා ගනනය කරලා තිබුනට කිසිම වෙලාවක ප්‍රිථිවියට ඕනවට වඩා සමීප වෙන් නෑ ඒ නිසා ඔය එක එක අය කියන ඒවට බොරුවට බය වෙන්න එපා හරි.ඊටපස්සෙ බ්‍රහස්පති හරහා ඉතාම ආස්න්නව ගමන් කරනවා.

හරි දැන් අපි මේ වස්තුව ගැන පොඩ්ඩක් සමීප වෙලා බලමුකො..අපිට මෙයා යානයක් නෙවෙයි කියන්න වැදගත් ශාක්ශියක් මෙතන අපිට පැහැදිලිව බලාගන්න පුලුවන් ඒ තමයි දීප්තිමත්ව ඩ්දිලිසෙන කොමාවක් සහ ලස්සන වල්ගා තරු වල තියෙනව වගේ වල්ගයක් දකින්න තියෙන එක.අන්න ඒක මෙයා අන්තර් තාරකා වල්ගා තරුවක් කියන්න නොවරදින ශාක්ශියක්.මෙයා සූර්‍යයාට ලන් වෙනකොට මේ වල්ගය ඒ වල්ගය තියෙනවට වඩා දීප්තිමත් වෙනවා.අර කලින් කීවා වගේ හබල් දුරේක්ශයෙන් කලින් ගත්ත ඉමේජ් එකේ නිකන් දූවිලි මාර්ගයක් වගේනෙ අපි දැක්කේ.ඒ උනාට අගෝස්තු වගේ වෙනකොට මෙයාගෙ ටේල් එක තවත් දික් වෙලා කොමා එකත් තවත් ප්‍රසාරනය වෙලා කියලා දැක ගන්න හම්බුනා.ඒ කියන්නෙ මේ සාමාන්‍ය වල්ගා තරුවක හැසීරීම පෙන්නන්න ගන්නවා.මේකේ විශාලත්වය ගැන බලනවා නම් මේකේ සම්පූරන දීප්තියන් අපිට පේන්නේ වස්තුවේ විශාලත්මයම කියලා හිතුවට ඒක එහෙම නෙවෙයි මේ දීප්තිය අපිට එන්නේ කොමාවේ දීප්තියත් එක්ක..ඒක අයින් කරලා අපි මේකේ විශාලත්වය බැලුවොත් ඇත්තටම මේකේ විශාලතවය කිලෝමීටර් 5ක් වගේ වෙයි කියලා තමයි කියන්නේ.අපි මේ කොමා එක විශ් ලේශනය කරනකොට අසාමාන්‍ය විදිහට ඉහ්ල කාබන් ඩයොක්සයිඩ් ප්‍රතිශතයක් තියෙනවා කියලා පරීක්ශන වලින් ඔප්පු වෙලා තියෙනවා වල්ගා තරුවල එහෙම වෙන් නෑ ඔන්න ඕකත් එක හේතුවක් මේක පිසක්වල යානයක් කියලා කට්ටිය කියන්න හැබැයි ඇත්ත ඒක නෙවෙයි මේකෙන් කියවෙන්නේ මෙයා යානයක් කියලා නෙවෙයි මෙ වස්තුව මුල් තාරකාවට වඩා ගොඩක් සීතල තැනක හැදිලා තියෙනවා කියන එක.මෙන්න මේ නිසා කාබන් ඩයොක්සයිඩ් මෙයාගෙ මතුපිට තැන්පත් වෙලා තියෙනවා.ඒ කියන්නේ අවසාන වශයෙන් අපිට කියන්න පුලුවන් මෙයා ගොඩක් ලස්සන භෞතික විද්‍යාවක් තියෙන වෙනත් තාරකා පද්දතියක ඉදන් ආව තවත් වල්ගා තරුවක් කියලා.

ඉතින් මේ වෙනකොටත් ලංකාවේ සහ පිටරට වල ඉන්න බොහොමයක් දෙනා මේක පිටසක්වලින් ආව යානවක් කියලා බොරු ප්‍රවුර්තියක් හදලා හැම තැනම ප්‍රචාරය කරනවා ඒ ඇයි කියන එකනන් මන් දන්න නෑ..හැබැයි මේකට මූලික සෝස් එක කියලා මට හිතෙන්නෙ මේ ලෝව් ගේ ආටිකල් එක වෙන්න ඕනෙ..හැබැයි ඒකම කියන්නත් බෑ මොකද එයා කියන්නෙත් 60%ක ප්‍රතිශතයක් තියෙනවා කියලා..ඔයාලට කියන්න තියෙන්නේ දෙයක් ගැන අද්‍යනය කරනවානම් විද්‍යාත්මක ශාක්ශි මත පදනම් වෙලා ඒවා ගැන හොයන්න..ඉතින් ඔයත් මේක මේ වගේ යානවක් කියලා හිතාන හිටපු කෙනෙක් නම් ඔක්තෝබර් නොවැබ්බර් මාස වලදී මේක අපේ අභ්‍යන්තර ග්‍රහලෝක පහු කරලා අපෙන් එලියට යන්වා කියලා මතක තියාගන්න.අවසාන වශයෙන් කියනවානම් 3I Atlas ඇට්ලස් කියන්නේ පිටසක්වල යානයක් නෙවෙයි මේයා තවත් වල්ගා තරුවක්..

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top