සමාන්තර විශ්ව කියන්නේ මොනවාද..?

සමාන්තර විශ්වයක් යනු භෞතික විද්‍යාවේ සහ විශ්ව විද්‍යාවේ උපකල්පිත සංකල්පයක් වන අතර එය අපගේ විශ්වයට අමතරව වෙනත් විශ්වයන් පවතින බවට කරන උපකල්පනයක්, ඒ සෑම එකකටම ඒවාට අවේනික තමන්ගේම වෙනම අවකාශයක්, කාලයක් සහ සමහර විට භෞතික නීතිද තිබෙන්නට පුලුවන්. මෙම විශ්වයන් අපගේ විශ්වයට බෙහෙවින් සමාන හෝ සම්පූර්ණයෙන්ම වෙනස් විය හැකිය මේවායේදී පදාර්ථයේ, ඉතිහාසයේ හෝ ස්වභාවධර්මයේ මූලික නියතයන් පවා වෙනස් විය හැකිය. මෙම අදහස මුලින්ම කරලියට පැමිණෙන්නේ ක්වොන්ටම් යාන්ත්‍ර විද්‍යාව වැනි න්‍යායන්ගෙනි, එහිදී කියවෙන්නේ තීරණයක හෝ සිදුවීමක සෑම ප්‍රතිඵලයක්ම නව ශාඛා විශ්වයක් නිර්මාණය කළ හැකි බවයි. තවත් විදිහකට ටිකක් පුලුල් කියනවානම්.Parallel Universe එහෙම නැතිනම් සමාන්තර විශ්ව කියන්නේ අපේ විශ්වය සමඟ පැවති නමුත් වෙන්වූ වෙනත් විශ්වයකි. එය අපට අදහස් කරනවා “වෙනත් සැබෑකමක්” එහි භෞතික නීති අපේ universe එකට සමාන විය හැකි අතර එහි ඉතිහාසය, තරු, ග්‍රහලෝක, ජීවය, සහ ඔබගේ තීරණ වෙනස් විය හැක.

Quantum Mechanics යටතේ “Many-Worlds Interpretation” (බොහෝ-ලෝක න්‍යාය) අනුව සෑම තීරණයකට හෝ අනවසර සිදුවීමකට අනුව universe එක බෙදී සියළුම outcomes වෙනස් universe එකකදී සිදු වේ. උදාහරණයක් විදිහට ඔබ මඟෙකින් වමට ගියේ නම් වෙනත් universe එකක ඔබ දකුණට ගියා වගේ සිදුවීමක් ඇති විය හැක. Cosmology ආශ්‍රයෙන් cosmic inflation න්‍යාය අනුව විශ්වය ආරම්භයේදී “bubble universe” ලෙස වෙන්වූ විශ්ව ගොඩනැගෙන අතර එක් එක් bubble universe එකේ වාත්තු හා නීති වෙනස් විය හැක. Timeline එකක් ලෙස අදහස් කරන්නේ මුල් singularity (විශාල පිපිරීමේ ආරම්භය) → cosmic inflation → bubble universes වෙන්වීම → එක් එක් universe එකේ තමන්ගේ timeline තරු සහ ග්‍රහලෝක මතුවීමයි. Parallel universe අදහස් කතා සහ චිත්‍රපටවල දැක්වෙන “What if?” scenarios සඳහා උදාහරණයක් ලෙස Spider-Man: Into the Spider-Verse චිත්‍රපටය එහි Spider-People විවිධ universe වලින් එකට හමුවෙන අන්දම අපිට ගන්න පුලුවන් සෘජු සාක්ෂි තවමත් නොමැති නමුත් මෙම අදහස ගැන දැනටමත් තවමත් පරීක්ශන කටයුතු සිදුවෙනවා…

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top