අද අපි කතා කරන්න යන්නේ මේ වෙනකන් අභ්‍යවකාශයේ වැඩිම දුරක් ගිහින් ගිහින් තියෙන්නෙ කවුද කියලා…
🚀අපි මේ ගැන අවස්තා තුනක් යටතේ ටිකක් ගැඹුරින් කතා කරමු..
1 යූරි ගගාරින්ගේ අභ්‍යවකාශ ගමන
2 ඇපලෝ 8 යානයේ පලමු මෙහෙයුම
3 ඇපලෝ 13 (“Okay, Houston… we’ve had a problem here.”)
1 Yuri Gagarin – Vostok 1 (1961)

මෙම යානය දුයත් කරන්නේ 1961 අප්‍රේල් 12 වන දිනයි.මෙම ගමනේ විශේෂත්වය වන්නේ මෙම ගමනින් අභ්‍යවකාශයට ගිය පළමු මිනිසා බවට යූරි ගගාරින් පත්වීමයි.
මෙම වොස්ටොක් කැප්සියුලය මීටර් 2ක් පමණ විශ්කම්භයක් සහිත ගෝලකාර යානයක් වූ අතර එම යානය සම්පූර්ණයෙන්ම ස්වයංක්‍රීයව ක්‍රියාවීමට නිපදාවා ඇත නමුත් හදිසි අවස්තා වලදී නියමුවන්ට පාලනය කිරීමට හැකිවන ලෙසට නිමවා තිබීමත් විශේෂයි. මෙම ගමනේදී ගගාරින් අභ්‍යවකාශ යානය ප්‍රිථිවි වායුගෝලයට නැවත් ඇතුල් වීමට පෙර පැයක් පමණ කැප්සියුලය ප්‍රිථිවියේ කක්ශගත කළේය.බොහෝ දුරට ගුවන් ගමන සුමටව සිදුවූ නමුත් ගගාරින් හට පාලන මධ්‍යස්තානය සමග තිබූ සන්නිවේදනය කිහිප වතාවක්ම අහිමිවිය.නැවත ඇතුලු වීමෙදී අභ්‍යවකාශ යානයේ කොටස් දෙක නිවරදිව වෙන්වීම සිදුනොවුන අතර එම සිදුවිම හේතුවෙන් අභ්‍යවකාශ යානය දරුණු ලෙස සෙලවිය.මෙම සිදුවීමෙන් කැප්සියුලය බිම සිට සැතපුම් 4ක්(6Km) පමණ ඉහළින් ඇතිවිට ගගාරින් සැලසුම් කල ලෙසට රැසියාවේ එංගල්ස් නගරයෙන් පිටත ගොවිපලකට ගොඩ බැස්සේය.මෙම ගමනේදී ගගාරින් ප්‍රිථිවියේ සිට සැතපුම් 203 ක් අභ්‍යවකාශයට ගමන් කර ඇත ඒක කිලෝමීටර් වලින් බැලුවොත් 327km.
2) ඇපලෝ 8 යානයේ පලමු මෙහෙයුම

මෙම යානය දියත් කරන්නේ 1968 දෙසැම්බර් 21 වන දිනයි මෙම මෙහෙයුමේ විශේෂත්වය වන්නේ මිනිසුන් පෘථිවියේ ගුරුත්වාකර්ෂණ බලපෑමෙන් ඉවත්වී තවත් ආකාශ වස්තුවක් වන චන්ද්‍රයා වටා කක්ශ ගත වූ පලමු අවස්තාව වීමයි.
අපි මෙම යානයේ අන්තර්ගතය ගැන පොඩ්ඩක් බැලුවොත්..
🚀අභ්‍යවකාශ යානා දළ විශ්ලේෂණය
නිෂ්පාදකයා: උතුරු ඇමරිකානු රොක්වෙල් ආයතනය
CSM Designation: CSM-103
දියත් කිරීමේ ස්කන්ධය: රාත්තල් 63,650 (කිලෝග්‍රෑම් 28,870)
Command Module (CM): රාත්තල් 12,392 (කිලෝග්‍රෑම් 5,621)
Service Module (SM): රාත්තල් 51,258 (කිලෝග්‍රෑම් 23,250)
ගොඩබෑමේ ස්කන්ධය: රාත්තල් 10,977 (කිලෝග්‍රෑම් 4,979)
දියත් කිරීමේ වාහනය: Saturn V SA-503
දියත් කිරීමේ ස්ථානය: Kennedy අභ්‍යවකාශ මධ්‍යස්ථානය, LC-39A
දියත් කිරීමේ දිනය: 1968 දෙසැම්බර් 21, 12:51 UTC
ගොඩබෑමේ දිනය: 1968 දෙසැම්බර් 27, 15:51 UTC
ගොඩබෑමේ ස්ථානය: උතුරු පැසිෆික් සාගරය, USS අසල Yorktown
Mission Duration: දින 6 යි, පැය 3 යි, මිනිත්තු 42 යි
මෙම යානය ප්‍රිථිවියේ සිට සැතපුම් 240,000 ක් අභ්‍යවකාය තුල ඈතට ගමන් කර තිබෙනවා ඒක කිලෝමීටර් වකින් බැලුවොත් 386,000km ඈතට මේක ගමන් කරලා තියෙනවා. මෙම යානය තමයි දෙවනියට මිනිසුන් ප්‍රිථිවියෙන් ඉවතට දෙවනියට වැඩිම දුරක් ගෙනගොස් තියෙන්නේ..
3) ඇපලෝ 13 (“Okay, Houston… we’ve had a problem here.”)

ප්‍රිථිවියේ සිට මිනිසෙකු ගමන් කර ඇති වැවිම දුර ආසන්න වශයෙන් සැතපුම් 248,655 මේක කිලෝමිටර් වලින් කියනවානම් 400,171Km වලට සමානයි.මේක තමයි දැනට මිනිසුන් සහිත යානයක් ප්‍රිථිවියේ සිට ගමන් කර අති වැඩිම දුර.මෙම වාර්තාවට හිමිකම් කියන්නෙ 1970 අප්‍රේල් මාසයේදී නාසා හි ඇපලෝ 13 මෙහෙයුමයි.මේක වෙලා තියෙන්නේ ගුවන් ගමනේදී අභ්‍යවකාශ යානයට සිදුවුන තීරණාත්මක අක්‍රියතාවයකින් පස්සේ ක්‍රියාත්මක කල හදිස්සි සැලැස්මේ කොටසක් ලෙස සද වටා භ්‍රමනයට ලක් වීම හේතුවෙන්.වාර්තාවක් උනාට මේක භයානක් සිදුවීමක්.
අපි දැන් බලමු මේ වාර්තාව තැබීමට හේතුවූ සිදුවීම උනේ කොහොමද කියලා..
⚠️ තීරණාත්මක සිදුවීම
මෙහෙයුම ආරම්භවී පැය 56 ක් පමණ ගත ෞනාට පස්සේ Service Module එකේ තිබුන ඔක්සිජන් ටැංකියක් පුපුරා ගිය අතර මේ හේතුව නිසා Command Module එකේ විදුලි බලය හා ජීවිත ආධාරක පද්ධති වල ක්‍රියාකාරීත්වය සම්පූර්නයෙන්ම නවතිලා තියෙනවා.මේ හේතුව නිසා කාර්‍යමන්ඩලය ශනික තීරනය කරනවා සද මතට ගොඩ බැසීම නවතා නැවත ප්‍රිථිවියට පමිනීමට.මෙම ගමනට සහභාගි උනේ ගගන්ගාමීන් තුන් දෙනෙක් ඒ තමයි Jack Swigert, Fred Haise හා Jim Lovell මෙම අනතුර උන වෙලාවේ ඉදන් මෙයාලගෙ ලොකුම බලාපොරොත්තුව උනේ පනපිටින් නැවත ප්‍රිථිවියට එන එක.මෙම අනතුර සිදුවීමෙන් පසුව සීමිත බලයක් තිබීම දඩි සීතල හා තෙත්වූ නියමු කුටිය සහ පානීය ජලය නැති හේතූන් හේතුවෙන් මෙම කාර්‍යමංඩලය දඩි දුශ්කරතාවන් වලට මුහුන දීමට සිදුවෙනවා.මෙම දුශ්කරතාවන් මැද්දේ පාලක මධ්‍යස්තානයේද උදවුවෙන් ඔවුන් සාර්තක ලෙස 1970 අප්‍රේල් 17 වන දින පැසිෆික් සාගරය මතට ගොඩබසිනවා..ජීවිතාරක්ශන බෝට්ටු හා එම අංශ වල සහයෙන් මොවුන්ව නිරුපද්‍රිතව ගොඩ බෑමෙන් අනතුරුව ගොඩ බිමට රැගෙන එනවා.
මෙම සිදුවීම කොච්චර මිනිස්සුන්ගේ අවදානය ගත්තද කියනවානම් ගනනය කිරීම් වලට අනුව වාර්තා වල සදහන් වෙන්නේ අමරිකානුවන් මිලියන 40 ක් පමණ මෙම සිදුවීම සජීවීව නරඹා තිබෙන බවයි..
මේ සිදුවීම් පිළිබදව තවත් ඔයාලට දැන ගන්න උනන්දුනම් මෙන්න්මේ site වලින් වඩිදුර තොරතුරු ලබාගන්න
- Yuri Gagarin – Vostok 1 (1961)
https://en.wikipedia.org/wiki/Yuri_Gagarin?utm_source=chatgpt.com
- ඇපලෝ 8 යානයේ පලමු මෙහෙයුම
https://en.wikipedia.org/wiki/Apollo_8?utm_source=chatgpt.com
- ඇපලෝ 13 (“Okay, Houston… we’ve had a problem here.”)
https://en.wikipedia.org/wiki/Apollo_13?utm_source=chatgpt.com