🌌පැය 30න් අවුරුද්දක් ගතවෙන අරුමපුදුම ග්‍රහලෝකය…

මේ ග්‍රහලෝකයේ නම තමයි WASP-76b මෙයා අයිතිවෙන්නේ දැනට හොයාගෙන තියෙන භයානකම ග්‍රහලෝක අතරට.මේ ග්‍රහලෝකය සොයාගෙන තියෙන්නේ 2013 දී.මේක තියෙන්නේ ප්‍රිථිවියේ ඉදලා ආලෝක වර්ශ 640 ක් පමණ දුරින්.

අපි මුලින්ම බලමු මේ ග්‍රහලෝකය ගැන විස්තර ටිකක්.

  • ස්කන්ධය: බ්‍රහස්පතිගේ මෙන් 0.9 ගුණයක් පමණ
  • අරය: බ්‍රහස්පතිගේ මෙන් ~1.8 ගුණයක්
  • කක්ෂීය කාලය: පෘථිවි දින 1.8 ක් පමණි

🔥 එය එතරම් භයානක වන්නේ ඇයි (සම්පූර්න විස්තරය)

මේ ග්‍රහලෝකය ගමන් කරන්නෙ එහි මවු තාරකාවට තාමත් ආසන්නයෙන් එම හේතුව නිසා මෙම ග්‍රහයාට වසරක් ගත කිරීමට යන්නෙ ආසන්නව පැය 30 ක වගේ කාලයක්.(ප්‍රිතිවියේ දවස් 365).මෙම ආසන්න තාවන නිසා එය මවු තාරකාවට නිරාවරනය වන පැත්තේ උශ්ණත්වය ඉතාමත් ඉහල අගයක් ගන්නවා.

මෙහි තිබෙන අනික් විශේෂ කරුන තමයි එම ග්‍රහයාගේ එක් කලාපයක් සෑම විටම දිවා කාලයට යටත් වීමත් අනෙක් කලාපය සෑම විටම රාත්‍රී කාලය පැවතීම‍යි.එනම් මෙහි මවු තාරකාවට මුහුන දෙන පැත්ත සෑම විටම නොවෙනස්ව පැවතීමයි.

☀️මෙම කලාප වල උශ්ණත්වයන්

දිවා පැත්ත: ~2,400–2,500°C (4,350–4,530°F)

(යකඩ වැනි ලෝහ වාෂ්ප කිරීමට තරම් උණුසුම්)

රාත්‍රී පැත්ත: සිසිල්(~1,000°C)

මෙහි මවු තාරකාවට නිරාවරණය වෙලා තියෙන පැත්තේ පවතින අධික උශ්ණත්වය යකඩ ටයිටේනියම් වැනි දැඩි ලෝහ පවා උනු කරන තරම් උශ්ණත්වයකින් යුක්තයි.ඉන් පසුව මේ උනුවුන ලෝහ බලවත් සුලං ධාරා මගින් එම ග්‍රහලෝකය පුරා විසිරී යනවා.මෙම සුලං කුනාටු සමහර වෙලාවට පැයට සැතපුම් දහස් ගනනක වේගයක් අත් කරගන්නවා.මෙම උනු වුන ලෝහ වැසි රාත්‍රී පැත්තේදී එම ලෝහ වාශ්ප ඝනීභවනය වී යකඩ වැසි ලෙස ග්‍රහයා මතට ඇද හැලෙයි.

පොඩ්ඩක් හිතලා බලන්න රෑට අහසේ ලස්සන ඒ වගේ දිලිසෙන වැස්සක් වැටෙනකොට මොන වගේ තියෙයිද හැබැයි අපිට එහෙ ඉන්න තිය හිතන්නවත් බෑ..

🚫 පැවැත්මක් පැවතිය හැකිද

කිසිසේත්ම පැවැත්මක් පැවතීමට හැහියාවක් නැත.අභ්‍යවකාශ යාන පවා ලොකු පරිශ්‍රමයක් දරනවා මේ ග්‍රහලෝකයේ ලගට ‍යන්නත්.මේකට හේතුව,

බිබිලි සහිත තාපය

අධි ශක්ති විකිරණ

ලෝහ කුණාටු

තාපාංක වායුගෝලය

🌀 උමතු වායුගෝලීය තත්වයන්

සුළං පැයට කිලෝමීටර් දහස් ගණනක් ළඟා විය හැකි අතර, ග්‍රහලෝකය හරහා වාෂ්පීකරණය වූ ලෝහ ප්‍රවාහනය කරයි.

එහි තාරකාවෙන් ලැබෙන අධික පාරජම්බුල කිරණ සහ එක්ස් කිරණවලට නිරන්තරයෙන් නිරාවරණය වීම කාලයත් සමඟ එහි වායුගෝලය ඉවත් කරයි.

මේවගෙ තවත් තොරතුරු ගැන දැන ගන්න එකතුවෙලා ඉන්න අපිත් එක්ක..

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top