අපිට ලගම තරුව මොකක්ද දන්නවද..?

පෘථිවියට ලඟම තාරුව තමයි Proxima Centauri. එය Alpha Centauri තාරකා පද්ධතියේ කොටසක් වන අතර, මේ පද්ධතිය තුළ තවත් තරු දෙකක් තිබෙනවා ඒ තමයි Alpha Centauri A සහ Alpha Centauri B. Proxima Centauri යනු red dwarf තාරුවක් වන අතර, එය සෑම විටම විශාල, ප්‍රබල තාරුවක් නොවන නමුත් අති දිගු ජීවිත කාලයක් සහ අඩු උෂ්ණත්වයක් තිබෙන තරුවකි. එය පෘථිවියෙන් ආලෝක වර්ෂ 4.24 දුරින් පිහිටා ඇති අතර, මේ නිසා තමයි මෙය පෘථිවියට ලඟම තරුව ලෙස සැලකෙන්නේ.

Proxima Centauri වටා පවතින Proxima b නමැති ග්‍රහලෝකයක් හමුවෙනවා. මෙම ග්‍රහලෝකය habitable zone (ජීවිතයට සුදුසු කලාප) තුළ පිහිටා ඇති බව විද්‍යාඥයන් සොයාගෙන තිබෙනවා. Proxima b ග්‍රහලෝකය පෘථිවියට සමාන විශාලත්වයක් සහිත බව සැලකේ, නමුත් එහි වායුමය තත්ත්වය, ජල ප්‍රමාණය සහ ජීවිතයට සුදුසු භූමිකාව පිළිබඳ තවම සම්පූර්ණ තොරතුරු ලැබිලා නැ.

Proxima Centauri තරුවේ ආලෝක ශක්තිය අඩු (luminosity ~0.0017 Suns) වන අතර, එය ආරක්ෂිතව දීර්ඝකාලීනව ජීවත් විය හැකි බවත්, එමඟින් එය අනාගත අභ්‍යවකාශ ගවේෂණ සඳහා වැදගත් බව තමයි පරීක්ශක වරුන් කියන්නේ. Proxima Centauri තාරුවේ red dwarf ස්වභාවය නිසා එය විශාල ආලෝක සහිත තාරුවකට වඩා අඩු උෂ්ණත්වයක් සහිත නිසා සෘජුවම දැකීමේදී පෘථිවියෙන් අඩු ආලෝකයක් පමණක් පෙන්වයි.

ඇතැම් අධ්‍යයන වාර්තා පවසනවා, Proxima b වැනි ග්‍රහලෝකයන්හි ජීවිතය සඳහා අවශ්‍ය ජලය සහ වායුම පවත්වා ගැනීමේ හැකියාව පවතිනවා කියලා, නමුත් තවමත් නිශ්චිත තොරතුරු සොයාගැනීමට ගවේෂණය සිදු වෙමින් තිබේ. මෙම නිසා, Proxima Centauri සහ එහි වටා ඇති ග්‍රහලෝක, විශේෂයෙන් අභ්‍යවකාශ ගවේෂණ සහ අනාගතයේ දියත් කරන space ship සදහා සඳහා අතිශයින්ම වැදගත් තාරකා පද්ධතියක් ලෙස සැලකේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top