ඉර හරියටම මොන පාටද..?

සූර්යයා ඇත්තටම අපි කහ පාටයි කියලා හිතුවට ඒක ඇත්තටම සුදු පාටයි..මේකට හේතුව තමයි සූර්යයා දෘශ්‍ය ආලෝකයේ සියලුම වර්ණ විමෝචනය කරන නිසා,මෙම වර්ණ ඔක්කොම ඒකාබද්ධ කරාම, සුදු ආලෝකය තමයි නිපද වෙන්නේ. අභ්‍යවකාශයේ, පෘථිවි වායුගෝලයෙන් ඈත්ව, ගගනගාමීන් සහ චන්ද්‍රිකා සූර්යයා දීප්තිමත් සුදු තාරකාවක් ලෙස තමයි දකින්නේ..ඒ කෙසේ වෙතත්, අපි පෘථිවියේ සිට සූර්යයා නිරීක්ෂණය කරන විට, එය බොහෝ විට කහ, තැඹිලි හෝ රතු පාටින් තමයි පෙනෙන්නේ, විශේෂයෙන් හිරු උදාව සහ හිරු බැස යන විට. මෙම වර්ණ වෙනස සිදුවන්නේ පෘථිවි වායුගෝලය නිසා වන අතර එය නිල් සහ වයලට් වැනි කෙටි ආලෝක තරංග ආයාමයන්, රතු, තැඹිලි සහ කහ වැනි දිගු තරංග ආයාමයන්ට වඩා විසුරුවා හරිනවා නැත්තන් ව්‍යාප්ත කරනවා..සූර්යයා ක්ෂිතිජයේ පහළින් සිටින විට වායුගෝලයේ වැඩි කොටසක් හරහා හිරු එළිය ගමන් කරන විට නිල් ආලෝකය නොපෙනී විසිරී ඇති අතර එමඟින් සූර්යයා රතු පැහැයෙන් දිස් වෙනවා. දහවල් කාලයේදී සූර්යයා ඉහළින් සිටින විට, එහි ආලෝකය වායුගෝලය හරහා කෙටි මාර්ගයක් ඔස්සේ තමයි ගමන් කරන්නේ එබැවින් එය සුදු හෝ සුදුමැලි කහ පැහැයට සමීපව දිස් වෙන්න ගන්නවා. ඉතින්, සූර්යයාගේ සැබෑ වර්ණය සුදු වුනත්, ආලෝකයේ සහ අපගේ වායුගෝලයේ සංයෝජනය නිසා පෘථිවියේ සිට අප දකින සුන්දර වර්ණ නිර්මාණය කරනවා, දවස පුරාම කහ, තැඹිලි සහ රතු වගේ පැහයෙන් අපිට දිස්වෙන්නේ මෙන්න මේ නිසා..

ඉතින් තවත් මේ වගේ ඔයා කැමති ඒත් විශ්වය ගැන නොදන්න දේවල් දැනගන්න ෆලෝ කරලා තියගන්න…

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top