
ගගනගාමීන් 7 දෙනෙකුගේ ජීවිතය අහිමි උන කොලොම්බියා යානය විනාශ උන විදිහ දන්නවද..?
2003 පෙබරවාරි 1 වන දින, දින 16 ක මෙහෙයුමක් අවසානයේ කොලොම්බියා අභ්‍යවකාශ ෂටලය පෘථිවි වායුගෝලයට නැවත ඇතුළු වීමේදී විනාශවි යාමෙන් ඛේදවාචකයක් සිදු උනා.මෙම සිදුවීමේදී යානයේ සිටි ගගනගාමීන් හත් දෙනාම ජීවිතයෙන් සමුගන්නවා..මෙම විශාල විනාසය සිදු වුනේ එය එසවීමේදී සිදු වූ ගැටලුවක් නිසා බාහිර ඉන්ධන ටැංකියේ තිබූ පරිවාරක කැබැල්ලක් කැඩී ගොස් ෂටලයේ වම් පස තටුවේ ගැටීම නිසයි. මෙන්න මේ ගැටීම නිසා තාප ආරක්ෂණ පද්ධතියේ සිදුරක් ඇති වෙලා තමයි මේ සිදුවීම වෙලා තියෙන්නේ..මේ පද්ධතියෙන් කරන්නේ සාමාන්‍යයෙන් ෂටලය නැවත ප්‍රිථිවි වායුගෝලයට ඇතුළු වීමේදී එයට බලපාන අධික තාපයෙන් ආරක්ෂා කරන එක. ඉතින් මේ කොලොම්බියා යානය නැවත පෘථිවියට යන විට අධික විදිහට රත් වූ වායූන් ඒ හානියට පත් ප්‍රදේශය හරහා තටුවට ඇතුළු වෙලා ඇතුල සම්පූර්ණයෙන්ම පිපිරිලා විනාස වෙලා ගිහින් තමයි ෂටලය විනාශ වෙලා තියෙන්නේ.මේ අනතුර මුලු ලෝකයම කම්පනයට පත් කළ අතර ආරක්ෂක සමාලෝචන සහ වැඩිදියුණු කිරීම් සිදු කරන අතරතුර ෂටල් මගින් සිදුවන ගුවන් ගමන් වසර දෙකකට අත්හිටුවීමටත් මෙම සිදුවීම හේතුවක් උනා. අවසාන වශයෙන්, කොලොම්බියා ව්‍යසනය සහ ඊට පෙරද මෙවැනිම ලෙසට සිදුවූ චැලෙන්ජර් ඛේදවාචකය,2011 දී අභ්‍යවකාශ ෂටල් වැඩසටහන නැවැත්වීමට නාසා ආයතනය ගත් තීරණයට ප්‍රධානම හේතුවක් උනා..
