Sriastro | +94774563229

Sriastro | +94774563229

Supper Earth කියන්නේ මොනවටද කියලා දන්නවද මේ ආටිකල් එක ඒ ගැන..

 

Supper Earth කියන්නේ තවත් භාහිර ග්‍රහලෝක වර්ගයක්.අපේ සෞරග්‍රහ මණ්ඩලයෙන් පිටත තියෙන තාරකවක් වටා කක්ශගත වෙලා තමයි මේවා තියෙන්නේ.මේවා විශාලත්වයෙන් බැලුවොත් ප්‍රිතිවියට වඩා විශාල වන අතර නමුත් අයිස් ග්‍රහලෝක හෙවත් අයිස් වලින් පිරුනු ග්‍රහලෝක වන යුරේනස් නෙප්චූන් වලට වඩා සැලකිය යුතු ලෙස අඩු ස්කන්ධයකි.සාමාන්‍යයෙන් මෙම Supper Earth වල ස්කන්ධය අපගේ ප්‍රිතිවියේ ස්කන්ධය මෙන් 1 සිට 10 ගුණයක් දක්වා පරාසයක පවතින අතර මේවාගෙ විශ්කම්භය ප්‍රිතිවියේ විශ්කම්භ්හය මෙන් දෙගුනයක් දක්වා විශාල විය හැකිය.Supper Earth යන අනුවර්ත නාමයෙන් ඒවා හදුන්වන්නේ ඒවායේ ප්‍රමාණය හා ස්කන්ධය පමනක් සැලකීමෙනි.මෙයින් එය වාසයට සුදුසුද නැතහොත් වෙනත් ආකාරවලින් ප්‍රිතිවියට සමානද යන්න සැලකීමත් සිදුකර නොමැත.මෙම ග්‍රහලෝකවල විවිධ පුලුල් පරාස වල සංයුතීන් තිබිය හැකිය.ඒවායෙන් සමහරක් ප්‍රිතිවිය මෙන් පාශානමය හෝ අනෙක් ඒවා සාගරයෙන් වැසී හෝ තිබිය හැක.

අපේ සෞරග්‍රහ මණ්ඩලයේ එවැනි ග්‍රහලෝකයක් නොතිබුනද මේවා ගැන විද්‍යාඥයින් මහත් උනන්දුවක් දක්වයි.මේවා සොයා ගැනීම සදහා යොදාගන්නා එක් ක්‍රමයක් වන්නේ ට්‍රාන්සිට් මෙතර්ඩ් නමින් මෙයින් තාරකාවක් ඉදිරිය්‍ර්න් ගමන් කරනවිට එහි සිදුවන සුලු අදුරුවීමක් මැනගැනීමෙන් ග්‍රහලෝකයක් හදුනා ගනී.තවත් ක්‍රමයක් වන්නේ වෙලෝසිටි මෙතර්ඩ් එක.මෙහි සිදු කරන්නේ කක්ශගත වන ග්‍රහලෝකයක ගුරුත්වන නිසා සිදුවන ඇදීම නිසා තාරකාවක චලිතයේ ඇතිවන චංචලතාව නිරීක්ශණය කිරීම.මෙම Supper Earth සදහා හොද උදාහරන අතරින් කෙප්ලර් 452බී සලකා බැලූවිට එය හැදින්වෙන්නේ ප්‍රිථිවියේ ඥාති සහෝදරයා ලෙසටයි.තද අපගේ සූර්‍යාට ආසන්නම තාරකාව වන proxima centauri b වටා කක්ෂගතවී තිබෙන වාසයට සුදුසු කලාපයේ පවතින gliese 667 cc ඇතුලත්වේ.

සමහර සුපර් ඒත් ජීවයට සුදුසු කලාපයේ පැවතුනද ඒවායේ ඇති අභ්හියෝගයන් වන්නේ වන්නේ තාරකාවට මුහුන දෙන පැත්ත්ගේ උශ්නත්වය ඉතා ඉහල මට්ටමක පැවතීම හෝ නැතිනම් විශ සහිත වායු ගෝලයක් පැවතීමයි.තවද එහි පවතින විශාල ස්කන්ධය ශක්තිමත් චුම්භක ක්ශේස්ත්‍රයක් පවත්වා ගැනීමට උපකාරී වන අතර ඒවා වාසයට සුදුසු බවට හේතු වීමට සාධක වේ.ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂය වැනි නවීන දුරේක්ෂ සහ ARIEL සහ PLATO වනි ඉදිරි මෙහෙයුම් විද්‍යාඥයින්ට මෙම දුරස්ත ලෝකවල වායු ගෝලය විශ්ලේශනය කිරීම ජලය ඔක්සිජන් හෝ ජීවයේ ලකුනු පවතීද යන්න ගැන සෙවීමට මහත් උපකාරි වනු ඇත.මේවා පිලිබදව තවදුරතට් වැඩිදුර අධ්‍යනය කිරීමෙන් අවසානයේ අප තවමත් විශ්වයේ තනිවමද නැතිද යන්නට පිලිතුරක් සොයාගනිදැයි ඇප විමසිල්ලෙන් යුතුව බලා සිටිමු..

https://science.nasa.gov/exoplanets/super-earth/#:~:text=a%20super%2DEarth-,Super%2DEarth%20Basics,to%2010%20times%20its%20mass.

https://en.wikipedia.org/wiki/Super-Earth

 

About US

At SRIASTRO, we explore the wonders of space and the wisdom of astrology. Our mission is to reveal how the cosmos influences our lives — from planetary movements to celestial mysteries. Discover your connection to the universe with SRIASTRO.

ContactUs

Have questions, feedback, or cosmic insights to share? We’d love to hear from you! 📧 Email: sriastro24@gmail.com 🌐 Website: www.sriastro.com 📍 Location: OnAIr 🕒 Support Hours: Monday – Friday | 9 AM – 6 PM (IST)

Partner with SRIASTRO — call us directly for advertising

Scroll to Top